Wana Petha

වන පෙත

Lyrics

වන පෙත මගෙන් සෙවූ සරතැස ඔබේ
පැන් තොට මගෙන් ලැබූ පවසත් ඔබේ
නිල්වන් දියේ හසරැල් සැලූ
මගෙ ආදරේ සුගන්ධයේ ගමන් වැසූ
පවුරත් ඔබේ

ගිනිදැල් මැවූ දා හසරැල් පුදන්නම්
තුන්සිත දැවූ දා මම මල් ඉසින්නම්
ගිනිදැල් මැවූ දා හසරැල් පුදන්නම්
තුන්සිත දැවූ දා මම මල් ඉසින්නම්

මේ මංපෙතේ තනිවු මගේ
හිත දෙදරවා කඩා දැමූ ඔබේ සරදම්
තනියෙන් විඳින්නම්

අඳුරින් වැසූදා සඳ රැල් එවන්නම්
මගේ තටු නැසූ දා ඔබෙ බැමි මුදන්නම්
අඳුරින් වැසූදා සඳ රැල් එවන්නම්
මගේ තටු නැසූ දා ඔබෙ බැමි මුදන්නම්

මේ මංපෙතේ තනිවු මගේ
හිත දෙදරවා කඩා දැමූ ඔබේ සරදම්
තනියෙන් විඳින්නම්

වන පෙත මගෙන් සෙවූ සරතැස ඔබේ
පැන් තොට මගෙන් ලැබූ පවසත් ඔබේ
නිල්වන් දියේ හසරැල් සැලූ
මගෙ ආදරේ සුගන්ධයේ ගමන් වැසූ
පවුරත් ඔබේ

Wana Petha vana – Edwerd Jayakodi jayakody

More from aveterone

Enable Notifications OK No thanks