Tikirimali-pasal-yana

ටිකිරිමලී පාසැල් යන

ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
මගේ හදවත ඔබ වෙත බැඳුණා //

නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා
ඔබේ පිනට කරල් පැහෙනවා
ඇඹුල බෙදන කලද ම දෙස හොරෙන් බලනවා
මගේ හිතට රහස් කියනවා

ටිකිරිමලී පාසැල් යන …

හේනේ පැලේ පැල් රකිද්දි ඔබ සිහිවෙනවා
පාළු තනිය නැති වී යනවා
මට ලැබේද වෙන ගමකට යාද සිතෙනවා
හිතේ දුකට කවි කියවෙනවා

ටිකිරිමලී පාසැල් යන … //

Tikiri Male mali Pasal Yana – Anil Bharathi barathi

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks