Sathara Digin Ena Sulagata

සතර දිගින් එන

Lyrics

සතර දිගින් එන සුලඟට සතර අතින් ඇතුල් වන්න
අප වසනා නවාතැනේ කවුළු නිබඳ ඇර තබන්න
සතර දිගින් එන සුලඟට සතර අතින් ඇතුල් වන්න
අප වසනා නවාතැනේ කවුළු නිබඳ ඇර තබන්න

ඒ සුලඟින් මුල් ඉදිරී අතරමංව දිව නොයන්න
ප්‍රඥාවේ මිණි පහනින් එළිය ලබා රැඳී ඉන්න
දේදුන්නේ පාට වලින් පියවි දෑස අන්ධ නොවන
මුළු සක්වල ගී නාදය ඔබ සවනට රැගෙන එන්න

වද වාගිනි නැගෙන තැනක සිහිලැල් පෙම් දිය ඉසින්න
දණින් වැටෙන මිනිසත් බව ඔසවා සිහසුන තබන්න

සතර දිගින් එන සුලඟට සතර අතින් ඇතුල් වන්න
අප වසනා නවාතැනේ කවුළු නිබඳ ඇර තබන්න
සතර දිගින් එන සුලඟට සතර අතින් ඇතුල් වන්න
අප වසනා නවාතැනේ කවුළු නිබඳ ඇර තබන්න

Sathara satara Digin Ena -Sunil Edirisingha

More from aveterone

Featured on

Enable Notifications OK No thanks