Nathida ma kere

නැතිද මා කෙරේ

Lyrics

නැතිද මා කේරේ අද ඔබගෙ ආදරේ
කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ
ඔය තරමට පෙම්කල කිසිවෙක් නොමැති මේ බවේ
වරද මගෙද රත්තරනේ කියනවද මගේ

වැටෙනා කඳුලක් ගානේ
ඔබවයි මට සිහිවන්නේ //
වෙන්වී ඔබ ගිය වේලේ
නැතිද ඔබට දුක දැනුනේ
අතීතයම අද මාගේ සිහිනයක් වගේ
සිහිනයක් වාගේ

නැතිද මා කෙරේ අද

හෙලනා සුසුමක් මාගේ
ඔබවයි තව විමසන්නේ //
රිදවා හිත හැම වාරේ
ඔබම නොවෙද බොරු කීවේ
අතීතයම අද මාගේ සිහිනයක් වගේ
සිහිනයක් වාගේ

නැතිද මා කෙරේ අද

Nathida Ma Kere – Senanayaka Weraliyadda සේනානායක වේරලියද්ද

More from aveterone

Featured on

Enable Notifications OK No thanks