Hinsa karanne wen wee gihin

හිංසා කරන්නේ

Lyrics

හිංසා කරන්නේ වෙන්වී ගිහින්
මාගේ අතින් වූ වරදක් කියන්
හැංඟී වසන්තේ මාගේ ලොවින්
කඳුලක් නැගෙන්නේ නෙතටත් හොරෙන්
බොදවීලා පැතුසේයා
රිදවාලා සිත පාරා

සැගවී ගියාට රිදවා ගියාට
සැමදා ඔයාම ඕනා
සසරේ පුරාම මතකේ තියාන
සෙනෙහේ මවන්න ඕනා
සැගවී ගියාට රිදවා ගියාට
සැමදා ඔයාම ඕනා
සසරේ පුරාම මතකේ තියාන
සෙනෙහේ මවන්න ඕනා
හිංසා කරන්නේ වෙන්වී ගිහින්
මාගේ අතින් වූ වරදක් කියන්

මැවී පේන හීන ගානේ ඉඟියෙන් කෝල පෑවා
ලයේ ගෑවි ගෑවී වාගේ සිතුවම් වීලා ආවා

මැවී පේන හීන ගානේ ඉඟියෙන් කෝල පෑවා
ලයේ ගෑවි ගෑවී වාගේ සිතුවම් වීලා ආවා
සිතුවම් වීලා ආවා

හිංසා කරන්නේ වෙන්වී ගිහින්
මාගේ අතින් වූ වරදක් කියන්
හැංඟී වසන්තේ මාගේ ලොවින්
කඳුලක් නැගෙන්නේ නෙතටත් හොරෙන්

රැදී පාව යාවී ඈතේ රැදුනත් මාව දාලා
ඔබේ දෑස සිහිව ආයේ හැඟුමන් රෑන පාරා
රැදී පාව යාවී ඈතේ රැදුනත් මාව දාලා
ඔබේ දෑස සිහිව ආයේ හැඟුමන් රෑන පාරා
හැඟුමන් රෑන පාරා

හිංසා කරන්නේ වෙන්වී ගිහින්
මාගේ අතින් වූ වරදක් කියන්
හැංඟී වසන්තේ මාගේ ලොවින්
කඳුලක් නැගෙන්නේ නෙතටත් හොරෙන්
බොදවීලා පැතුසේයා
රිදවාලා සිත පාරා
සැගවී ගියාට රිදවා ගියාට
සැමදා ඔයාම ඕනා
සසරේ පුරම මතකේ තියාන
සෙනෙහේ මවන්න ඕනා
සැගවී ගියාට රිදවා ගියාට
සැමදා ඔයාම ඕනා
සසරේ පුරම මතකේ තියාන
සෙනෙහේ මවන්න ඕනා
හිංසා කරන්නේ වෙන්වී ගිහින්
මාගේ අතින් වූ වරදක් කියන්

Hinsa karanne wenwi venvi venwi gihin – Kaveesha Kaviraj

More from aveterone

Enable Notifications OK No thanks