&

ආදරයේ උණුසුම් සුසුම්

lyrics

ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
එහෙනම් සැලමුතු පෙම තුළ නිසසල වී
ලොව නවතීවා සැනෙකින්
ආදරයේ උණුසුම් සුසුම් සුවඳද‍ මෙතරම්

දේදුණු දෙබැමින් ඉඟිකරමින් හිනැහෙන විට
අනේ ලෙන්ගතුදැයි කෙතරම්
බිළිඳකු‍ සේ ළමැදේ ගුලිවූ විටෙක ලොබින්
සත්තයි ඒ හැඩිදැඩි නුඹදැයි සිතේ

ආදරයේ උණුසුම්

සීතල දෙතොලින් සිසිල‍සකින් මුමුණනවිට
අනේ හීනෙන් දැයි නෑ‍ගෙයි
හාදු මතින් නළලේ උණුසුම් තිළක තියා
පිදුවේ ඒ නුඹගේ සෙවනැල්ල තමයි…

ආදරයේ උණුසුම්

Adaraye ආදරේ Unusum-Susum- Amarasiri Peris Peiris & Nirosha Virajini

More from aveterone

Featured on

Enable Notifications OK No thanks