Bindee giya premayaka

බිඳී ගිය ප්‍රේමයක

Lyrics of Bindee Giya Premayaka

බිඳී ගිය ප්‍රේමයක නටබුන්
මතින් සැරිසරද්දී මා
ටිකෙන් ටික අවරෝහණය වූ
නුඹේ ප්‍රේමය තවම මා හද
පුරා ගලායයි සියුම් රිදුමක් වගේ
ආදරේ.. ආදරේ ..

බිඳෙන් බිඳ
නුඹ බිඳ දැමූ
ආදරය බොඳ වී
කඳුළු බිඳුවක හිර වෙලා
ගලායයි සියුම් රිදුමක් වගේ

විටින් විට
සිහිනෙන් ඇවිත්
පෙනී රුව.. චායා
දෙනෙත් අතරේ සිර වෙලා
ගලායයි සියුම් රිදුමක් වගේ

බිඳී ගිය ප්‍රේමයක නටබුන්
මතින් සැරිසරද්දී
මා ටිකෙන් ටික අවරෝහණය වූ
නුඹේ ප්‍රේමය තවම මා හද
පුරා ගලායයි සියුම් රිදුමක් වගේ
ආදරේ.. ආදරේ ..

Bindi බිදී Giya Premayaka – Nipuni Herath

More from RogueOne