එදා වාගේ අදත්

Lyrics

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ලගින් නැති අඩුව මට දෑනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

දුක පිරුනු මගෙ හිත නුඹ හොදට දන්නවා
හිත හදපු නුබේ හඩ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිනි දුක පැණි රසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

අනාගත වාලුකා කතර මැද තනි වෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විඳ දරා
පුර පසෙක නොවී නුඹ අවපසෙක සඳ උනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

එදා වාගේ අදත් …

Eda wage vage adath එදා වගේ අදත් – Somathilaka Jayamaha somatilaka

More from RogueOne

Enable Notifications OK No thanks