Lyrics
මොරසූරණ වැසි ඇදගෙන හැළුනා
මට මතකයි සමුගත් දිනයේ
මා සිතුවේ නෑ ලොව හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා //
නිමල ආදරේ අවිහිංසක බව
ලෝකය නෑ දැනගෙන උන්නේ
මාරුතයක් ඇවිදින් ඒ සුළඟේ
ඔබ අරගෙන ඈතට යනවා
මොරසූරණ වැසි ...
තරු නෙතු සඟවා ඔබ සැතපෙනවා
හැඬූ නමුදු ඉන් නොමැත පලේ
වත මල සිඹලා මම සමුගන්නෙමි
හෙට හමුවෙමු අපි අපේ ලොවේ
මොරසූරණ වැසි ... //
Morasurana Wasi wesi - Athma Liyanage මොරසුරන
Comment