ඔබ ආයෙමත් ඇවිදින්

Lyrics

ඔබ ආයෙමත් ඇවිදින් …
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ 
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්
එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ 
නෙත කඳුළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්..
 
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

Oba ayemath awidin avidin – Amarasiri Peris peiris

More from RogueOne

Featured on

1 Comment

Your email address will not be published. Required fields are marked *

  1. බැදීම්, සීමා මායිම් නිසා අපිට බෝහෝ දේ අහිමි වෙනවා. සිපගන්න අවසර ඇත්තේ එකම එක මලයි… ඒත්… අත පොවන මානයේ කොතරම් මල් පිපී තියෙනවද… ඒ මල් අතර හිත ගිය මලක්… තිබුණත්… සිපගන්න… නැහැ… වරම් නෑ…

    ඔබ ආයෙමත් ඇවිදින්
    හිත හදාගත්තා, විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්…

    ඇය ආයෙත් ඇවිත්… ඔහු හිත හදාගෙන ඉන්නේ… ඒත්… ඇගේ නෙත ගැටෙන්න පටන් අරන්…

    සැබෑ අත්දැකීමක්… ගී පදවලට පෙරළුවේ ධම්මික බණ්ඩාර… හදවතක අත්දැකීමක්… ධම්මිකත් ගරුවරයෙක්… ගීයත් ගුරුවරයෙක්ගේ අත්දැකීමක්… ඔහු කසාද බැදලා නැහැ… ඒත් විවාහ පොරොන්දුවක් දීලා ඉවරයි… වැඩිහිටියන් එක්ක කතා බහ කරලා කසාදේ තීන්දු කරලාත් ඉවරයි… ඒ නිසා… ඔහුගේ හදවත… තව හදවතකට බැදිලා ඉවරයි… ඒත්… ඒත්… හිත ගියා ලස්සනම ලස්සනම ලස්සන තරුණ සිසුවියක වෙත… සමීප වුණා… ඒත්… බැදීම්වලින් ඔහු හිරවෙලා… ඈ… ඔහුගෙන් සිප් සතර හදාරා ඈතට ගියා… ආදර සිතිවිල්ල එතැනින් අහවර වුණා… ඔහු හිත හදාගත්තා…

    ඔබ ආයෙමත් ඇවිදින්
    හිත හදාගත්තා, විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්…

    ඈ ආයෙත් ඇවිදින්… කලකට පස්සේ… ගුරුවරියක් ලෙසින් ඔහු උගන්වන පාසලටම පත්වීමක් ලැබිලා… ඔහු එකලස් කරගෙන තිබු හිත… ආයෙත් සසල වෙන්න පටන් ගත්තා.

    උන්නුදා පෙර අතපොවන්නට බැරි දුරින් නින්ද මට නැති දවස් තිබුනද කොයිතරම් නුඹ නොදැක සිටි දිගු කාලයේ හිත හදාගත්තා විතරමයි ඔබ ආයෙමත් ඇවිදින්

    එදා… ඔහු ඇය සමග එක් වුණා නම්… තවත් යුවතියකට දුන් පොරොන්දු, සම්ප්‍රධායන් කැඩී ඉහිරෙනවා… ඒක කවදාවත් වෙන්න දෙන්න බැහැ… ඒත්… ඔහුගේ හදවත ඇය ළගමයි…

    අහිමි හදක් වුණත්… ඈ ගැන ඔහු හිතනවා… නිදිබරව දෑස් පියවුණත් පෙනෙන්නේ ඇගේ රුව.. ඒ වෙලාවට ඔහු ඇය ගැන ආයෙත් හිතනවා…නින්දක් නැහැ… ඒත්… කාලයක් ඒ රුව නොදැක සිටිද්දී ඔහු හිත හදාගත්තා… ඈ අමතක කළා… යටපත් වූදේ ආයෙත් ඈ දකිද්දී මෝරා ආවා… දැන් ඔහු විවාහකයෙක්… බැදීම් වැඩියි… ඒත් ඇගේ රුව ඔහුගේ හිතට වද දෙන්න පටන් ගත්තා… හිත චංචලයි…

    දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්
    එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
    නුඹ නොදැක සිටි ඒ කාලයේ
    නෙත කඳුළු මැකුනා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්

    කොතරම් ලස්සන සිසුවියන් ඔහු නෙත ගැටෙනවද… හරියට දෑස් අග පිපි සැගෙන මල් වගේ… ඒත්… ඈ තරම් සුවද තවත් මල් එහි ඈත්ද… නැහැ… ඔහුගේ හිත ගියේ ඈ කෙරෙහි විතරමයි… බැදීම් හරස් වුණා, ඈ… ඉවත්ව ගියා… ඔහු හිත හදාගත්තා… දෙනෙත් බොඳ… කළ කදුළු කැට… සිදී ගියත්… ඒ සැණීන්… ඈ ආයෙත් ඔහු නෙත ගැටෙන්න පටන් අරන්…

    මේ සිංදුව පටන් ගන්නේ මියුසික්වලින් නොවේ… ඔබ ආයෙමත් ඇවිදින්… කියන වචන පටන්අරන්… සංගීතයට යන්න ඇරලා තමයි හිත හදාගත්තා විතරමයි කොටස ගැයෙන්නේ… සම්ප්‍රධායෙන් ඈත්වූ සංගීත ශෛලියක්… සෙක්සෆෝන් එකෙන් තමයි පටන් ගන්නේ… ගී පද රචකයා ධම්මික බණ්ඩාර ගීයේ ආරම්භය සදහන් කළා.

    Copied from : sites.google.com/site/kurutugegeepotha/

Enable Notifications OK No thanks