Pera Dinayaka Ma

පෙර දිනයක මා

Lyrics

පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා

එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා
එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා

පෙර දිනයක මා

Pera dinayaka ma pemkala yuwathiya yuvathiya – පණ්ඩිත් Pandith W. D. Amaradewa amaradeva

More from RogueOne

1 Comment

Your email address will not be published. Required fields are marked *

  1. ඔබ හිතනවා ඇති මෙම ගීතය පෙම් කර පසුව වෙන්වූ පෙම් යුවලක් ගැන ගයන ගීතයක් කියලා . ඔබට ඒ ආකාරයෙන් උවත් රසවිඳීමට හැකි මෙම ගීතයට ඇත්තේ වෙනත් පසුබිමක්… මම ඔබට එම පසුබිම් කථාව කෙටියෙන් පවසන්නම්….

    ඒ 88-89 භීෂණ සමයයි…මෙම භීෂණයේ දිග පළල සබරගමුවටත් හොදින් වැටහිලා තිබුණු කාලයක්… එක්තරා යුවලක් මේ පලාතම සුවඳ කරමින් සතුටින් ජීවත් උනා.. ඔවුන් මුදලින් දුප්පත් උවත් ආදරයෙන් හා මනුස්සකමින් නම් පොහොසත්.. නමුත් භීෂණය නිසා මොවුන්ට තම උපන් පළාත වන සබරගමුවේ ජීවිතය ගෙවන්නට නොහැකි නිසා..මෙලෝ හසරක් නොදැන සිටි වියලි බිමක් වන මහියංගන බිමට යෑමට සිද්ධ උනා.. මහියංගනයේ මොහු සමග එක පතේ වලදපු එක බූරු ඇදේ නිදාගත් ගජ මිතුරෙකු වූ සුනිල් , මොහුට රැකියාවක් සොයාගන්නා තුරු නොතෙමී ඉන්නට කුඩා නවාතැනක් සොයා දෙනු ලැබුවා..

    මොහු දක්ෂ මෝටර් රථ කාර්මික ශිල්පියෙක්..එම නිසා මොහුට මහියංගනයේ ගරාජයකින් , සබරගමුවේ රැකියාවම ලැබුණා… නමුත් දවසේ පඩිය වූයේ රුපියල් හැත්තෑ පහක් පමණයි… මේ අතරතුර ඔහුගේ බිරිඳ ගැබ්බර උණා.. දැන් ඉතින් බිරිඳට හොදින් පෝෂණය අවශ්‍යයි.ඉස්සර වගේ නෙවේ… රුපියල් 75 සොච්චමක් වගේ… සමහර දවස් වලට මුදලාලිගෙන් 75 ක් ඉල්ලා ගන්න බොහොම අමාරුයි.කොහොම කළත් දෙන්නේ නෑ… ඒවගේ දවස් වලට ඉතින් පෝෂණය ගැන හිතන්නේ සල්ලි වල අයියා පමණයි… කහට උගුරකින් බඩේ ගින්දර නොව හිතේ ගින්දර නිවාගන්නවා..නමුත් මොවුන් දෙදෙනා අතර අඩ දබර නම් ඇති උනේ නෑ…

    පෝෂණීය ආහාරයක් හරි හැටි නොමැති උවත් නීරෝගීව සිටි බිරිඳ දිනයක තම කුළුඳුල් දරුවා බිහි කළා, දැන් ඉතින් වියදම වැඩී . දරුවා සමඟ මව සෑමදාම තම සැමියා ගරාජයේ රැකියාවට පිටත් වූ මොහොතේ සිට හවස් යාමයේ නැවත පැමිනෙන තුරු වැට අද්දර නා ගස මුල දරුවා සමග හිඳ , පාර කෙරවලට ඇස යොමාගෙන ඒ ආදරනීය රුව මතුවන තුරු පෙරුම්දම් පුරනවා… පුද්ගලයෙකු මතුවූ සැනින් බිරිඳට පුදුම සතුටක් දැනෙනවා…නමුත් ඒ තමා පැතූ රුව නොවන බව දැනෙනා විට ඇති වන්නේ පුදුම දුකක්…ඔහොම බලන් සිටිනා විට අදුර බිමට පතිත වන යාමයේ ඒ සොදුරු රුව ඈතින් මතුවෙනවා……..

    මේ ඒ වගේ සොදුරු දවසක අවසානය .. තමා එනතුරු මගබලා සිටින් බිරිඳ දැක ගයනා ගීතයක් තමා ‘ පෙර දිනයක මා පෙම් කළ යුවතිය’….

    ඔබ හිතුවද මේ ගීතයට මෙතරම් යටගියාවක් ඇති කියලා…වාණිජ කරණය නොවූ සැබෑ ගීත රචකයාගේ නිර්මාණවල ලාංඡනය තමා ඒ…. අපි බලමු පද පේලි දිහෑ.

    1. පෙර දිනයක මා පෙම් කළ යුවතිය
    2. සිය පුතු නලවනවා…
    3. මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
    4. ඈතින් මතුවෙනවා…

    ‘මම රැකියාව අවස්න් වෙලා නිවස කරා එන මොහොත… මගේ බිරිඳ පුතු උකුලේ තබාගෙන නලවනවා..’ සැමියාට මේ වෙලාවෙ මතක් වෙන්නේ තමා පෙර දිනයක පෙම් කළ ඒ සුන්දර යුවතියව … ‘ මා පෙර දිනක පෙම් ක් ළ යුවතිය දැන් දරුවෙක් නලවනවා.’ ‘මම ගයපු පෙම්වතියට කියාදුන්නු දුන්නු ගීතයක් තමා මේ දරු නැලවිල්ලක් ආකාරයෙන් මතුවෙන්නෙ…’

    5. නුරාව වෙනුවට ඉදුනිල් දෙනුවණ
    6. දයාව වෑහෙනවා …
    7. සිනාසුනෙමි මම අවිහින්සක ඇය
    8. කෝල බැලුම් හෙලුවා…

    ‘දරුවා වදන්නට පෙර මට හෙලපු ඒ නුරා බැලුම් දැන් නෑ… ඒ වෙනුවට දැන් නුවන් වලින් දයාව වෑහෙනවා’…’මම සිනාසුනාම ඇය කෝල බැල්මක් හෙලුවා.’ මෙම 7 හා 8 පද පේලි වලින් මේ ඔහුගේ බිරිඳ බව වැටහීමක් ලබා ගන්න පුලුවන්… මේ තම කලින් පෙම්වතානම්, දැන් විවාහ වී සිටින්නේ වෙනත් පුද්ගලයෙකු නම් , දරුවෙකුත් සිටීනම් , එසේ දරුවෙකු සිටින මවක් තම කලින් පෙම්වතා එකවර මතුව මෙසේ හිනාවුනාම, හරියට තම ස්වාමියාට මෙන් කෝල බැලුම් හෙලාවිද ……

    9. එදා වගේ තවමත් වැට අද්දර
    10. නාමල් පූදිනවා…
    11. නොකා නොබී දුක් වින්ද අතීතය
    12. යලි මට සිහිවෙනවා …

    එදා වගේම තවමත් වැට අදදර නාමල් පූදින බව ඈත සිට එන ස්වාමියාට පේනවා… ‘ එම සිද්ධිය ස්වාමියාට පෙනෙන්නේ… බිරිඳ වැට අද්දර නා ගස යට බලා හිදිනාවිට එදා මෙන්ම අදද නා මල් පීදෙනවා මෙන් නොවෙනස්ව බිරිදගේ සිත තුල මෙන්ම මගේ සිත තුලද ආදර මල් පීදෙනවා ‘ යන අකාරයෙන්‍ ය .. මේ පද පේලියෙන් කියවෙන්නේ එදා වගේම තවමත් දෙදෙනාට දෙදෙනා ආදරය කරනවා කියා නොවේද …
    නොකා නොබී කහට කෝප්පයකින් දුක තුනී කරගත් අතීතය එදා මෙන් අදත් නාමල් පූදිනවා මෙන් තවමත් මට මතක් වෙනවා යැයි….9 හ 10 පද පේලි වල අදහස නැවත 1 හා 12 පද පේලි වලට සම්බන්ද කරලා තියනවා….
    කොපමණ ලස්සන අදහසක්ද …

    — H.M —
    අරගත්තේ – miyurugee.weebly.com

Enable Notifications OK No thanks