රෝස මලට කියනවාද

Lyrics

රෝස මලට කියනවාද මා මියගිය බව
කියන්නෙපා රෝස ගහේ කටු විසවුනු වග
කියන්නෙපා රෝස ගහේ කටු විසවුනු වග

මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම්
තරහගන්නේ කොහොමද අතු ඉතුත් එක්ක මං
මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම්
තරහගන්නේ කොහොමද අතු ඉතුත් එක්ක මං
තරහගන්නේ කොහොමද අතු ඉතුත් එක්ක මං

රෝස මලට ……

මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින්
කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම්
මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින්
කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම්
කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම්

රෝස මලට ……

Rosa malata kiyanawada kiyanavada – Krishantha Erandaka chrithantha

More from RogueOne

Featured on

1 Comment

Your email address will not be published. Required fields are marked *

  1. මේ ගීතය දෙස මතුපිටින් බැලූ කල අපට කියන කතාව සරලය නමුත්. එහි ඇතුලාන්තයට එබී බැලු කල ගේය පද රචකයා රසික සිත් තුල මෙම ගීතයේ කතකයා මිය ගිය බව අමතක කරවන්නට සමත් වීම නම් අපූරුය. වර්තමාන බොහෝ ආදර අන්දර වල ඔවුනොවුන් වෙන් වන්නට ⁣වන හේතු කරුණු බොහෝය නමුත් දෙමාපිය අාශිර්වාදය හිමි නොවීම තුලින් නිමා වන ප්‍රේමයන් අල්පය …

    රෝස මලට කියනවාද
    මා මිය ගිය බව …
    කියන්නෙපා රෝස ගහේ
    කටු විස වුණු වග…

    ආදරයක අවසානය මරණයෙන් නිමා වීම තුලින් සමාජය තුල කුතුහලයක් ඇති කරන්නේ එවන් මරණයකට වග කිව යුත්තන් දෙස මිනිසුන් විපරමින් සිටින නිසාවෙනි. කවියා රෝස මල පෙම්වතියට ආදේශ කිරීම තුල සමාජ පසුබිමක්ද නිර්මාණය කරන්නට උත්සහ ගෙන තිබෙන බවක් ද ඇත. ගමක දුගී නිවසක මිදුලේ පිපෙන මල් හා නගරයක සුවපහසු මල්වත්තක පිපෙන මල් අතර හා මල් වර්ග අතර වෙනසක් ඇත. අනෙක් අතට යම් ප්‍රේම සම්බන්ධයකට දෙමාපියන් අකමැති වන්නේ ඔවුන්ගේ තරාතිරම මත නිසාවෙනි …

    මල වට කර කටු සැදුණේ
    පෙති රකින්න නම් …
    තරහ ගන්නෙ කොහොමද
    අතු ඉතින් එක්‌ක මං…

    පෙම්වතාට ඇත්තේ බෝසත් ගතිගුණය… ඔහු තමාට හිතැති පරිදි තීරණයක් ද නොගනී. දෙමාපියන් මෙන්ම ඇගේ සහෝදර නෑදෑ පිරිවරද ඔහුට අවැසිය. ඔවුන් සමග තරහ වි හිතුමතේට තීරණ ගැනීම තුලින් යම් දවසක පීඩාවට ලක්වන්නේ ඇය බව ඔහු හොදාකාරවම දනී..

    මගෙ සොහොනට ආවොත් ඈ
    අවසර විගසින්…
    කියන්න මං පෙම් කළ බව
    රෝස ගහ තරම්…

    බොහෝ දෙමාපියන් සිතන්නේ තමන් තරම් තම දරුවනට ආදරය කරන කෙනෙක් ඔවුන්ගේ ජීවිත වලට හමු නොවන බවයි. එයට ඔවුනට ඇගිලි දිගු කල නොහැක. කෙසේ නමුත් දෙමාපිය ආශිර්වාදය නොලද ඔහු ඇයගෙන් මෙන්ම ඔහු වටා සිටි පිරිවරගෙන්ද සමු ගෙන හමාරය… මහා ඛේදවාචකයක බර කිසිවෙකු මත තබන්න කවියා උත්සහ නොගනී. ගීතය පරිසර⁣ය හා සහසම්බන්ධ කිරීම තුලින් ගීතයේ රසය වඩා රසවත් කර ඇත…ගීතයට සංගීතය සපයන්නේ අප කව්රුත් දන්න හදුනන නව පරපුරේ සංගීතවිශාරදයකු වන දර්ශන වික්‍රමතුංගයන් ක්‍රිෂාන්ත එරන්දකගේ සුමිහිරි කටහඬද ගීතයට එක්කර ඇත්තේ අමුතුම අලංකාරයකි.

    KMP බණ්ඩාර
    Copied from – https://geeyaka-arutha.blogspot.com/2018/04/blog-post_50.html

Enable Notifications OK No thanks