Mee Aba Wanaye

මී අඹ වනයේ 

Lyrics

මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ

සිහිනෙන් සිහිනෙට ඔබ එනවා
මොනවද හිමිහිට මුමුණනවා
හදවත රිදුමද නවතිනවා
මොහොතින් යලි නොපෙනී යනවා

සිහිනෙන් සිහිනෙට ඔබ එනවා
මොනවද හිමිහිට මුමුණනවා
හදවත රිදුමද නවතිනවා
මොහොතින් යලි නොපෙනී යනවා

මී අඹ වනයේ …

බද වට සුදු ඔසරිය පටලා
මල් පොකුරක් ඔබ අත තබලා
ළගදිම මනමාලිය කරලා
ගෙන යන්නෙමි ඔබ මගෙ කියලා
බද වට සුදු ඔසරිය පටලා
මල් පොකුරක් ඔබ අත තබලා
ළගදිම මනමාලිය කරලා
ගෙන යන්නෙමි ඔබ මගෙ කියලා

මී අඹ වනයේ …

Mee mi amba aba wanaye vanaye – C. T. Fernando pranandu ප්‍රනාන්දු

More from RogueOne

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks