සිදඟන

Lyrics

මගෙ ජීවිතේ සොඳුරේ ඔබ පමණයි
නෑ යන්නේ හැරදා කිසිදා
තරු මිලින වෙලා
සඳු නෑ අද මගෙ ලෝකේ
බොඳ වී පැතුමන් මා හඬවා //

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදඟන ඔබද මා සුරතලී //

නවතා සුසුමන් හැර යන්න එපා
ඔබමයි ප්රියේ මාගෙ ජීවේ
තව එක මොහොතක්
නුඹෙ සෙනෙහේ මගෙ වේ නම්
තරු අතුරා අහසේ සරසන්නම් //

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදඟන ඔබද මා සුරතලී //

Sindagani – mage jiwithe jivithe sodure oba pamanai – Manjula Pushpakumara

More from RogueOne

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks