Supem hagum oben epa
&

සුපෙම් හැඟුම් ඔබෙන් එපා

Lyrics

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
//

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා …

දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා … //

Supem hangum hagum හැගුම් oben epa – Lakshman Wijesekara & Pradeepa Dharmadasa darmadasa

More from RogueOne

1 Comment

  1. මිතුරුකම යනු ආදරයේ පලමු පියවරයි… තනිකඩ කෙල්ලෙකුට සහ කොල්ලෙකුට හොඳම යහලුවන් මෙන් වැඩි කලක් සිටිය නොහැක යනුවෙන් කියමනක් තිබේ… ඒ හොඳම යහලුකම බොහෝවිට කෙලවර වන්නේ ආදරයකින් හෝ නන්නාදුන්නන් ලෙස ඈත් වීමකින්…
    එවන් මිතුරුදම් සෑම විටම ආදරයකින් කෙලවර විය හැකිද,,, ආදරයට නම් බාධා බොහොමයි.. පවුල් පසුබිම, කුල මල, අතීත ගැටලු වැනි නොයෙක් දේවල් මත ආදරවන්තයින්ට එකිනෙකාගෙන් සමුගැනීමට සිදුවේ…
    මෙම ගීතයෙන් කියවෙන්නේ මිතුරුදමෙන් ඊළග පියවරට යාමට ආසන්නයට පැමිණ සිටින යුවලක් ගැනයි… නමුත්,
    .
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරු දම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩ බිමේ….
    .
    යනුවෙන් මිතුරිය පවසන්නේ මිතුරුදමෙන් එහාට අපට යා නොහැකි බවයි.. මින් එහාට ගියද අපට කවදාවත් එක්වන්න බැරිවේවි.. අප දෙදෙනා අතර පරතරය බොහෝමයි…
    .
    එය වටහාගන්නා මිතුරා පිළිතුරු දෙයි…. අපට එක්වීමට නොහැකිබව මට තේරෙනවා, මගේ සිත දැඩි කරගෙන මම මගේ සිහිනය මිය යාමට ඉඩදෙන්නම්.. .
    .
    මිතුරියත් පවසන්නේ,, මටත් මෙය දරාගැනීමට නොහැකියි, සැමදා රාත්‍රියේ මම මේ ගැන සිතමින් වැලපෙනවා.. මගේ තනි සිතේ නොමැකෙන රූපය ඔබමයි.. මා සැමදා මග බලා සිටින්නේ ඔබ හමුවීමටයි,,,, එනමුත්, පෙම්වතියක ලෙස නොවේ… මිතුරියක ලෙසින්…

    From “Sinhala Sindu සිංහල සින්දු” facebook page

Enable Notifications OK No thanks