Dalwena Pahan

දැල්වෙනා පහන්

Lyrics

දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින්
දල්වමී ඔබේ නුවන් පහන් සදා ඉතින්
ලෝකයෙන් ලඟා වෙනා අනේක වූ රිදුම්
මාරුතේ හොවන්නෙමි ප්‍රියේ ඔබේ නමින්

මල් උයන් දැවූ කුණාටුවෙන් පවා මිදී
බලන්න මේ බලන්න මේ අපේ පැතුම් පිපී
මල් උයන් දැවූ කුණාටුවෙන් පවා මිදී
බලන්න මේ බලන්න මේ අපේ පැතුම් පිපී
ජීවිතේ පෙමින් අරන් එමී
ඔව් ඔබේ නමින් පළන්දමී
ජීවිතේ පෙමින් අරන් එමී
ඔව් ඔබේ නමින් පළන්දමී

දුකයි මේ දුරු අගාධේ
මැවෙයි එහි රන් විමානේ
ඔබයි ගැයෙනා ප්‍රගීතේ
මමයි උණුසුම සුසීතේ
රෑ සඳේ රන් දහරින් සරසම්
සාගරේ මුතු වැල් මෙන් එලවම්
හීනයෙන් මිදේය පෙම්දම්
මීවිතක්ය ජීවිතේ අපේ

ජීවිතේ පෙමින් අරන් එමී
ඔව් ඔබේ නමින් පළන්දමී //

දුකයි මේ දුරු අගාධේ
මැවෙයි එහි රන් විමානේ
ඔබයි ගැයෙනා ප්‍රගීතේ
මමයි උණුසුම සුසීතේ
රෑ සඳේ රන් දහරින් සරසම්
සාගරේ මුතු වැල් මෙන් එලවම්
හීනයෙන් මිදේය පෙම්දම්
මීවිතක්ය ජීවිතේ අපේ

ජීවිතේ පෙමින් අරන් එමී
ඔව් ඔබේ නමින් පළන්දමී //

Dalvena dalwena pahan – Kithsiri Jayasekara

More from aveterone

Enable Notifications OK No thanks