Dileepa Podi Puthu

දිලීප පොඩි පුතු

Lyrics of Dileepa Podi Puthu

දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ

පරෙවි දෙපා වැනි සුලලිත කෝමල
සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොලවන් සඟවා ගෙන ඇත
මා නොලියුව ගීතේ

මහද විමානයේ තැන්පත් කළ ලේ
බිඳුවක් අඩුව ඇතේ
එය සඟවාගෙන බිළිඳු වෙසින් ආ
වස්තුව ඔබය පුතේ

දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ

Dilipa Podi Puthu -Clarence Wijewardena clara clarance

More from aveterone