Lyrics
අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුණේ
දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුණේ
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ
අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුණේ
දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
කිරි තොල් හමුවේ ඔබ පෙවු කිරි වල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරි වල පව් අරවන්නට
අම්මේ මම මදි පිං කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ
අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුණේ
දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
පුර හඳ පායන පුන් පෝ දා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක ඉඳ පුතා කියා මට
අමතන්න එන්නම් සොයා
දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
අම්මා පෙව් කිරි කදුළින් මේ ලොව මෙතරම් හැඩවුණේ
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ
අම්මා පෙව් කිරි කදුලින් මේ ලොව මෙතරම් හැඩවුණේ
Dilidune දිලිදුනේ දිළිදුනේ Daruwane amma peu kiri kadulin - Greshan Ananda gretion gretein
Comment