ගමේ කෝපි කඩේ

Lyrics

ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ

ගමේ රටේ අහේනියයි ළමයිනේ ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ

අපේ කාලේ අස්වැද්දූ කුඹුරු ලියැදි පාලුවෙලා තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාලුවෙලා

අම්ම අප්ප මොක මොකවත් කන්න බොන්න දුන් පලියට ලැජ්ජ නැද්ද කාලෙ කන්න ගැටවරයිනි කඩපිල් යට

ගමේ කෝපි කඩේ ……

අත පය හත්තිය තියෙද්දි කම්මැලි කම් මොකද බොලව් මගෙ පපුවත් පත්තු වෙනව අර ඉපනැලි යාය බලව්
වයස ගියත් මගෙ අත පය බලාපල්ල යකඩ වගේ අපි වවලයි අපි කෑවේ උත්තම රජගොල්ලො වගේ

ගමේ කෝපි කඩේ ……

අපේ කාලේ අස්වැද්දූ කුබුරු ලියැදි පාලුවෙලා තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාලුවෙලා

අම්ම අප්ප මොක මොකවත් කන්න බොන්න දුන් පලියට ලැජ්ජ නැද්ද කාලෙ කන්න ගැටවරයිනි කඩපිල් යට

ගමේ කෝපි කඩේ ……

අත පය හත්තිය තියෙද්දි කම්මැලි කම් මොකද බොලව් මගෙ පපුවත් පත්තු වෙනව අර ඉපනැලි යාය බලව්

වයස ගියත් මගෙ අත පය බලාපල්ල යකඩ වගේ අපි වවලයි අපි කෑවේ උත්තම රජගොල්ලො වගේ

ගමේ කෝපි කඩේ ……

ගමේ රටේ අහේනියයි ළමයිනේ ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ
ගමේ කෝපි කඩේ ……

Game Kopi Kade – Sanath Nandasiri

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *