මල්ලියේ ඕවට බොන්න එපා!

කවදාකවත් දැක්කේ නැති වයසින් වැඩි කෙනෙක්, ඔයාගේ ජිවිතේ හරි පාරට අරගෙන තියෙනවද? මේ ගීතය හරියට ඒ වගේ එකක්.
තරුණ කොල්ලෙක් බොන්න ගිහින්, මොකද …. ප්‍රේමයේ විරහව. මේක දකිනවා මෙතනට බොන්න ආපු වයසින් වැඩි කෙනෙක්. එයාට ඕනේ ඇයි මේ කොලුවා බොන්නේ කියල දැනගන්න. එතකොට කොල්ලා හේතුව කියනවා.. මේ නොදන්නා පුද්ගලයා එතකොට මෙයාට අපුරු මගපෙන්වීමක් දෙනවා ඒක තමයි මේ පද පේළියෙන් කියන්නේ.

අවන්හලේ මීවිත තනිකරලා වරෙන් මලේ පියවර නගලා

ඇත්ත ජිවිතයේ විවිද හේතු නිසා අපි වැටෙන්න පුළුවන්. ඒ අතරින් තරුණ කාලේ කොල්ලෙක් වැටෙන්න පුළුවන් හේතුවක් තමයි ප්‍රේමයේ විරහව. ඒක දරා ගන්න ලේසි නැහැ. ඒ වෙලාවට වැරදි තීරණයක් ගත්තොත් ඒක මුළු ජිවිතයටමත් ඔයාට ආදරය කරන අනිත් අයටත් බලපානවා.
හැබැයි ඒ වෙලාවට අපිට අත දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්……

මේ ගීතයේ පද පේළි පටන් ගන්නේ මෙහෙමයි “රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා” දැනටමත් මේ වැඩිහිටියා මදු පැන් කට ගාලා ඉවරයි. ටිකක් විතර වෙරි. ඒ නිසා එන්නේ කවුද කියලවත් හොයා ගන්න ටිකක් අමාරුයි.

දැන් මෙයා දකිනවා මදුලෝලි තරුණයෙක්, එවිට එයා මෙහෙම අහනවා “සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද කිම තොල මීවිත පොඟවන්නේ” තරුණයා කියන්නේ මෙහෙමයි “නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ

එහෙම කියද්දී මේ වැඩිහිටියා කියන්නේ “මල්ලි, මේවා බීලා විසදන්න පුළුවන් ප්‍රශ්ණ නෙමෙයි” ඒක ගී පද රචකයා සටහන් කරන්නේ මෙහෙමයි “අවන්හලේ මීවිත තනිකරලා වරෙන් මලේ පියවර නගලා”

මේ ගීතය විශාරද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ විසින් ගයන ගීතයක්. ගී පද මහින්ද දිසානායක මහතා විසින්, සංගීතය ගුණදාස කපුගේ විසින්මයි.

Listen it now! Click on “රුවක් ඇදෙනවා”

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks