Ahasa Iri Thaluna

අහස ඉරි තැලුනා

Lyrics

අහස ඉරි තැලුනා
තරු පොකුරු හැලුනා
සඳට දුක හිතුනා
හද පතුල රිදුනා

සයුර ඉකි බින්දා
රළට දුක රන්දා
මගේ පැතුම් රුවල බිදී
අතර මග ගොළු වුනා

අහස ඉරි තැලුනා
තරු පොකුරු හැලුනා
සඳට දුක හිතුනා
හද පතුල රිදුනා

දිලි දිලී නිවුණා
නිවි නිවී දිලුණා
පහන් වැටේ දැල්වූ පහන්
උපන් ගෙයි මියැදුනා

අහස ඉරි තැලුනා
තරු පොකුරු හැලුනා
සඳට දුක හිතුනා
හද පතුල රිදුනා

Ahasa Iri Thaluna taluna – Edward Jayakody

More from Admin

Enable Notifications OK No thanks