Awalaada nagare sandhaliye

අවලාද නගරේ සඳලියේ

Lyrics

අවලාද නගරේ සඳලියේ
දුක් බරම වූ හැඟුම සඟවා
පියා කවුදෝ අසන දෝණිට
පියා පෙන්වමි කැදැල්ලට නොඑනා

මගෙ කුස තුළ දුව නිධන් කරවා
ඈත සිතිජෙක අයාලේ පියඹා
ගැහැණියක් සේ මගේ කඳුලැලි
සඳකිරණ යට තනිව පිස දැම්මා

ඈත අහසක තරු කඩා වැටුනා
පුංචි දෝණිය මග බලා සිටියා
යළිත් භවයක පැතුම මා පැතුවා
නුඹ නැතත් මා දුවට පණ දුන්නා

අවලාද නගරේ සඳලියේ
දුක්බරම වූ හැඟුම සඟවා
පියා කවුදෝ අසන දෝණිට
පියා පෙන්වමි කැදැල්ලට නොඑනා

Awalada Awalaada Nagare Sandhaliye sadaliye sandaliye – Nanda Malani

More from Admin

Enable Notifications OK No thanks