Lyrics
ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප හිතු හැටි මිහිරියි //
ආදර ගී විය ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ
ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී
යළි ඉපදුණු හැටි හරිම අගේ
ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ …
සිඟිති සණ්ඩු මැද හිනා වෙවී
කිරුළු පළන් ජීවිත ගමනේ
දෝර ගලා
දෝර ගලා කරදර ආවත්
හිඳිමු එදා මෙන් වෙනස් නොවී
ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ … //
Gang Iwree ivree iwre Thuru Latha Madulle – Edward Jayakody
Comment