Himi Nowuna Nethu

හිමි නොවුන නෙතු

Lyrics

හිමි නොවුණ නෙතු ඇඳුණු සිතුවම්‌ අරන්‌
සුසුමක්‌ පුරා හෙව්වේ ඔය නිල්‌ නුවන්‌
කඳුළකට අත වනන හදවත කොනින්‌
මොහොතක්‌ කියා දෙන්න හිනැහෙන වරම්

බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිර කරන්‌
මට හරිම පාළුයි මගේ රත්තරන්‌
බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිර කරන්‌
මට හරිම පාළුයි මගේ රත්තරන්‌

හුරතල්‌ වේවී කනට කෙඳිරු වදන්‌
මගෙ හිතම පිරවූ එදා
එක වචනයක්‌ වත්‌ කියන්නට තරම්
හිත දෙන්නේ නැතිවද මෙදා

ආදරෙන්‌ දෑත අල්ලන්‌
අපි එදා උන්නු සෙනෙහේ නමින්‌
සිනහා වී ඉන්න දැන්වන්‌
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන්‌ පියන්‌

සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇඳලා
අද නම්‌ ඔයා ලස්සනයි
ඇස්‌ දෙක පියන්‌ ඉන්නෙපා තරහ වීලා
මගෙ හිතට දැන්‌ හරි බයයි

පාළුවේ.. මාව තියලා
දැන්‌ එපා යන්නෙපා යන්නෙපා
මේ තරම්‌ හීන අතරේ
වැළපිලා ඉන්න බෑ තනිවෙලා

හිමි නොවුණ නෙතු ඇඳුණු සිතුවම්‌ අරන්‌
සුසුමක්‌ පුරා හෙව්වේ ඔය නිල්‌ නුවන්‌
කඳුළකට අත වනන හදවත කොනින්‌
මොහොතක්‌ කියා දෙන්න හිනැහෙන වරම්

බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිර කරන්‌
මට හරිම පාළුයි මගේ රත්තරන්‌
බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිර කරන්‌
මට හරිම පාළුයි මගේ රත්තරන්‌

Himi nowuna novuna nethu – Bachi Susan

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks