Kukku Kook Ku

කුක්කු කූක් කූ

Lyrics of Kukku Kook Ku

කුක්කු කූක් කූ කුකුළා හඩනවා
කුරුළු කොබෙයියෝ ගීත ගයනවා
නිහැඩියාව දැන් හිමින් මැකෙනවා
දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා

පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තත්පරයට
අපි කියවනවා
හිත්තරවල රැප්කරගෙන දුක්කරදර පැක්කරගෙන
දවස ගෙවනවා
පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තත්පරයට
අපි කියවනවා
හිත්තරවල රැප්කරගෙන දුක්කරදර පැක්කරගෙන
දවස ගෙවනවා

වැටක් ගානේ ගෙයක් ගානේ ගමක් ගානේ
ලෙඩ මුල් පිටුවේ පුරවලා
කෑම ජාති බීම ජාති බේත් ජාතී
හිස් තැන් වලට රිංගලා
කාර් සේල් ඉඩම් සේල් මැසින් සේල්
අන්තිම පිටුවේ තෙරපිලා
වීර විකුම් මාර කිව්ම් මැද පිටුවෙන්
රජ පුටුවලට වෙන්වෙලා

කුක්කු කූක් කූ කුකුළා හඩනවා
කුරුළු කොබෙයියෝ ගීත ගයනවා
නිහැඩියාව දැන් හිමින් මැකෙනවා
දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා

පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තත්පරයට
අපි කියවනවා
හිත්තරවල රැප්කරගෙන දුක්කරදර පැක්කරගෙන
දවස ගෙවනවා
පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තත්පරයට
අපි කියවනවා
හිත්තරවල රැප්කරගෙන දුක්කරදර පැක්කරගෙන
දවස ගෙවනවා

අනග රැගුම් සරණ බැදුම් සිතුම් පැතුම්
වෙනමම පිටක ලියවිලා
කවි පබැදුම් බිතු සිතුවම් කලා කෙරුම්
පිටුවක සිත පහන් කලා

යන්තරයෙන් මන්තරයෙන් සූස්තරෙන්
කැඩිච්ච දෙපල එක්කලා
ඔයින් මෙයින් දින ගෙවමින් සිහි විකලෙන්
මිනිස්සු අතරමන් කලා

කුක්කු කූක් කූ කුකුළා හඩනවා
කුරුළු කොබෙයියෝ ගීත ගයනවා
නිහැඩියාව දැන් හිමින් මැකෙනවා
දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා

පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තත්පරයට
අපි කියවනවා
හිත්තරවල රැප්කරගෙන දුක්කරදර පැක්කරගෙන
දවස ගෙවනවා
පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තත්පරයට
අපි කියවනවා
හිත්තරවල රැප්කරගෙන දුක්කරදර පැක්කරගෙන
දවස ගෙවනවා
පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තත්පරයට
අපි කියවනවා
හිත්තරවල රැප්කරගෙන දුක්කරදර පැක්කරගෙන
දවස ගෙවනවා

cuccu cook cu – Nihal Nelson

More from aveterone