Ma Neth Kadalle

මා නෙත් කැදැල්ලේ

Lyrics of Ma Neth Kadalle

මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ
රොන් සොයාලා
රොන් සොයාලා

බඹර තුඩු ගා නැති කුමුදු මලකින් පෙති
ගෙනෙමි දුර ඈත විලකින් බලා
බඹර තුඩු ගා නැති කුමුදු මලකින් පෙති
ගෙනෙමි දුර ඈත විලකින් බලා
ඒ මැද ඔබේ යහන සාදන්නෙ නා දල්ලෙනුයි
සුවඳ උලා

මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ
රොන් සොයාලා
රොන් සොයාලා

අරුණ පිණි බිංදුවයි පියුමෙ මකරන්දයයි
පොවමි මේ කුලක කලතා නිවා
අරුණ පිණි බිංදුවයි පියුමෙ මකරන්දයයි
පොවමි මේ කුලක කලතා නිවා
ඉන්මතු කිසි දාක යන්නෙහිද හද රන් ලෙනේ
පහන නිවා

මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ
රොන් සොයාලා
රොන් සොයාලා

Ma Neth Kedalle – Milton Mallawarachchi

More from aveterone

Featured on