Mulu rayak pura oba ohu laga
&

මුළු රැයක් පුරා

Lyrics

මුළු රැයක් පුරා ඔබ ඔහු ළඟ
ජිවිතය පුරා ඔහු ඔබ ළඟ
ඔබයි ප්‍රියාදර ප්‍රියම්බිකා ඔහුගේ
මුළු රැයක් පුරා ඔහු මා ළඟ
සිරුර පමණයි හිතයි ප්‍රේමයයි ඔබ ළඟයි
//

ඔහුගේ උණුසුම් ආදරයේ
වාසනා හිමිකාරී ඔබ
මට හිමි හීතල සෙනෙහස පමණයි
මා සිත පවසන ඊරිසියා හැඟුම් ඉතින් අසන්
මා බිරිඳ වන්න පෙම්වතිය වන්න
ඔබ මා තුරුළට මට දෙන්න දෙන්න ඔහු

ඔහුගේ මංගල මුදු පැලඳූ
පාද පරිචාරිකාවී ඔබ
මා ඔහුගේ ගත සුසුමක් පමණයි

මට නැතිවනුයේ හිමි සඳු සමඟින් දූ දරුවෝ
මුළු ජිවිතයෙම අත්වැල් බැඳ ආ
මා සෙවණට මට දෙන්න දෙන්න ඔහු

ජිවිත පුරා මා ඔහු ළඟ
මා සිත සපුරා ඔහු මා ළඟ
ඔබද මාද ඒ ප්‍රියම්බිකා ඔහුගේ
අප කඳුළු සිනා ඔහු වෙනුවෙනී
අපි සිනාසෙමූ ඔහුගේ නාමයෙන් වැලපෙමූ
අපි සිනාසෙමූ ඔහුගේ නාමයෙන් වැලපෙමූ

Mulu reyak pura oba ohu laga – Samitha Erandathi Mudunkotuwa & Mariazelle Gunathilake

More from aveterone

Enable Notifications OK No thanks