මල් මාලතී ලතා

Lyrics

මල් මාලතී ලතා අඳුරේ මිලාන වී මේ පාළු රාත්‍රියේ නොපිපී බලා හිඳී //
මල් මාලතී ලතා…
හැඬූ සිතේ විඩා නිවා ඇදේ මාරුතේ හැපී බිඳෙන ප්‍රේමයේ සෝ සුසුම් ලෙසේ //
කිසිදාක නොමැත ආදරේට ලැබී ආදරේ

මල් මාලතී ලතා අඳුරේ මිලාන වී මේ පාළු රාත්‍රියේ නොපිපී බලා හිඳී, මල් මාලතී ලතා…

ගැලූ සිනා ගඟේ ගිලී ගියෙද ආදරේ හඬා වැටේ ප්‍රාර්ථනා පෙම් උයන් තෙරේ //
කවදාක සුවඳ යළි දැනේද, නැවුම් ස්නේහයේ

මල් මාලතී ලතා….

Mal Malathi Latha – Edward Jayakody, Music – Sarath De Alwis, Lyrics – Kamaradasa Saputhanthri

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *