Mal Perahera

මල් පෙරහැර | Mal Perahera | Song & Lyrics

Lyrics Of Mal Perahera

මල් පෙරහැර එන්නා සේ හිදිමී
ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමී
ගැල් පෙරහැර යන්නා සේ නිදමී
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමී

ඒ දුක නිමක් නැති
එනමුදු කමක් නැති
යළි හිත හදා ගමි
සදහට පතා එමි
හඹා එමි සදා ඔබම පතමී
හෝ ඔ ඕ
හෝ ඔ ඕ

නිල් තරු බිම වැටිලා සේ දුටිමී
ඔබේ නෙතු සඟලේ එළි සේරම දුටිමී
නිල් එළි පෙළ දැවෙනා සේ දුටිමී
ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී

හෝ හො හෝ..

සඳ රැජිණිය වඩිනා සේ දුටිමී
හිත ඇතුලෙන් පන්තේරු නැටුම් නටමී
පෙරහැර මා හැර ගිය බව දුටිමී
ඔබ මා ළඟ නැවතී ඇති බව දුටිමී
ඒ සැප නිමක් නැති
තාමත් පමා නැති
ඔබේ සිත බදාගමි
සදහට සිනා සෙමි
සිනාසෙමි සදා ඔබම පතමී
හෝ ඔ ඕ
හෝ ඔ ඕ

නිල් තරු බිම වැටිලා සේ දුටිමී
ඔබේ නෙතු සඟලේ එළි සේරම දුටිමී
සඳ රැජිණිය වඩිනා සේ දුටිමී
හිත ඇතුලෙන් පන්තේරු නැටුම් නටමී

හො හො හෝ
හෝ හො හෝ

ගැල් පෙරහැර යන්නා සේ නිදමී
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමී
පෙරහැර මා හැර ගිය බව දුටිමී
ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී
ඒ දුක නිමක් නැති
එනමුදු කමක් නැති
යළි හිත හදා ගමි
ඔබේ සිත බදාගමි
හඹා එමි සදා ඔබම පතමී
හෝ ඔ ඕ
හෝ ඔ ඕ

මල් පෙරහැර එන්නා සේ දුටුවා
ඔබ මහද පුරා ඇවිදින සුව වින්දා
පෙරහැර මා හැර ගිය බව දුටුවා
ඔබ අහක බලා ගිය පසු දුක් වින්දා

හෝ හො හෝ

නන නා නේ

Mal perahera – Sangeeth Wijesooriya sangith wijesuriya

More from Aveterone