මලට මුව තියා

Lyrics

මලට මුව තියා
මල් මත බඹරැනුත් ගියා
විලට මුව පොවා
දිය බිවු සාවුනුත් ගියා
සුමුදු බස් කියා
තොල් මත හාදුවක් තියා
දුරක නුඹ ගියා
මෙි හැටි මටම දුක තියා

අහස නුඹ වගෙයි මා හා ආදරෙන් සිටී
පොළොව මා වගෙයි ලතැවුල් දරාගෙන ඇතී
අහස නුඹ වගෙයි මා හා ආදරෙන් සිටී
පොළොව මා වගෙයි ලතැවුල් දරාගෙන ඇතී
සුමුදු බස් කියා
තොල් මත හාදුවක් තියා
දුරක නුඹ ගියා
මෙි හැටි මටම දුක තියා

නියං සැර වැදී හද මිහිමඩල ගිනි වදී
වැස්ස වී වඩින් මා වෙත තවත් දුක නොදී
නියං සැර වැදී හද මිහිමඩල ගිනි වදී
වැස්ස වී වඩින් මා වෙත තවත් දුක නොදී

මලට මුව තියා …

Malata Muwa muva Thiya- Rohan Shantha Bulegoda

More from aveterone

Enable Notifications OK No thanks