Nethu Pela Rawatala

නෙතු පෙලා රවටලා

Lyrics of Nethu Pela Rawatala

නෙතු පෙලා රවටලා වේදනා වෙන්වෙලා
දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවිලා
රැය අඳුරට හැරලා හිත තවත් රිදවලා
සඳු හෙමින් හෙමින් වළා පෙලින් මුව සඟවනවා
නෙතු පෙලා රවටලා

මගෙ සිතුම් රැලෙන් හද දවටා මුව සිපගත්දා
ඇගෙ සිනා දැලෙන් මා වටලා මට ලංවූදා
මගෙ සිතුම් රැලෙන් හද දවටා මුව සිපගත්දා
ඇගෙ සිනා දැලෙන් මා වටලා මට ලංවූදා
අත් සල සලා අපි හිනැහුනා
මුළු ලොවම හිනැහුනා
මුළු ලොවම හිනැහුනා
මුළු ලොවම හිනැහුනා

නෙතු පෙලා රවටලා වේදනා වෙන්වෙලා
දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවිලා
නෙතු පෙලා රවටලා

දුල් මිණි සඟලින් රැස් විහිදා මා සනසන දා
සල් සුණු සුවදින් ගත සරසා ලඟට වඩින දා
දුල් මිණි සඟලින් රැස් විහිදා මා සනසන දා
සල් සුණු සුවදින් ගත සරසා ලඟට වඩින දා
ලංවෙන තුරා හිටියත් බලා
මා ලොවෙහි තනි වුනා
මා ලොවෙහි තනි වුනා
මා ලොවෙහි තනි වුනා

නෙතු පෙලා රවටලා වේදනා වෙන්වෙලා
දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවිලා
රැය අඳුරට හැරලා හිත තවත් රිදවලා
සඳු හෙමින් හෙමින් වළා පෙලින් මුව සඟවනවා
නෙතු පෙලා රවටලා

Nethu Pela Rava tala – Rohana Bogoda

More from aveterone