Lyrics
නිලුපුල් යුවළේ රතු තොල් සඟළේ
තැවරූ සෙනේ මුසු වී ඇදී
මා සිරුරේ වෙළේ
මා සිරුරේ වෙළේ
ගලන ගඟේ මඟ අහුරා
වැට කොටු බඳිනු නොහේ
සුළඟ වැදී මෙර නොසැලේ
නොහඬයි මලවි කුලේ
පෙම් සුවඳ කිසි දා මැකී නොයේ
පාවී යාවී සුසුම්
නිලුපුල් යුවළේ …
දවස පුරා ගුවනෙ සරා
බැසයයි ඇදිලි කරා
සියැස පුරා නිදි නොලබා
ඔබ ළඟ රැඳෙමි ළඳේ
පෙම් සුවඳ කිසි දා මැකී නොයේ
පාවී යාවී සුසුම්
නිලුපුල් යුවළේ …
මා සිරුරේ වෙළේ ///
Nilupul yuwale yuvale – Mervin Perera marvin


Comment