Lyrics
නියරේ පිය නගලා
මැණිකේ ඔබ දුර එනවා
දැකලා වෙහෙස නිවී
සිත පිරුණා හද සෙනෙහස දැණුනා
සිත පිරුණා හද සෙනෙහස දැණුනා
රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ
රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ
ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ
වාසනාව පා වෙලා ගියා
නියරේ පිය නගලා …
සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා
සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා
ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ
වාසනාව පා වෙලා ගියා
නියරේ පිය නගලා …
සිත පිරුණා හද සෙනෙහස දැණුනා
Niyare Piya Nagala – Saman De Silva


Comment