Ganga Nadee

ගංගා නදී තීරයේදී

Lyrics

ගංගා නදී තීරයේදී එදා
ඈ හා ගෙවූ කාලයේ
ආයාචනා පිරුණු දෑසේ සිනා
තවම මතකේ රැඳීලා තියේ
වෙන්වී ඔබෙන්
යළිඳු නාවත් සොයන්
වෙන්වී ඔබෙන්
යළිඳු නාවත් සොයන්
මතක මතකේ රැඳීලා තියේ

දෙනෙතේ ඉනා ගඟුල පිය ලෝචනී
දෙතොලේ සිනා සිසිල මධුහාසිනී //
ඔබ මා මැවූ සිහින දුර පා විණී
හද ආදරේ ප්‍රාර්ථනා

ගංගා නදී තීරයේදී එදා
ඈ හා ගෙවූ කාලයේ
ආයාචනා පිරුණු දෑසේ සිනා
තවම මතකේ රැඳීලා තියේ

ගංගා නදී ඉවුර අප කී කතා
වින්ඳා සෙනේ සුවඳ නාමල් සලා //
නංවා ඔබේ නමට මේ ගායනා
මතු ආත්මයේ වාසනා

ගංගා නදී තීරයේදී එදා
ඈ හා ගෙවූ කාලයේ
ආයාචනා පිරුණු දෑසේ සිනා
තවම මතකේ රැඳීලා තියේ
වෙන්වී ඔබෙන්
යළිඳු නාවත් සොයන්
වෙන්වී ඔබෙන්
යළිඳු නාවත් සොයන්
මතක මතකේ රැඳීලා තියේ
මතක මතකේ රැඳීලා තියේ
මතක මතකේ රැඳීලා තියේ

Ganga Nadee nadi Theeraye thirayedi theerayedee – Chandrakumara Kandanarachchi

More from aveterone

Enable Notifications OK No thanks