Ape Jeewitha Me Maha Sagare
&

අපේ ජීවිත මේ මහ සාගරේ

Lyrics

අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරූ පාරු වලයි රෑ එළිවෙන්නේ
කරුමේ නේ මල්ලියේ

අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරූ පාරු වලයි රෑ එළිවෙන්නේ
කරුමේ නේ මල්ලියේ

රෑට කෑවාම පිටවීල මුහුදේ ගොසින්
ආයෙ එන්නේ මහ දාවලයේ වෙහෙසී දුකින්
රෑට කෑවාම පිටවීල මුහුදේ ගොසින්
ආයෙ එන්නේ මහ දාවලයේ වෙහෙසී දුකින්

ලෝකෙ මුහුදයි අපේ
මාළු බෑමයි සැපේ
අපි ලබා උපන් හැටී

අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරූ පාරු වලයි රෑ එළිවෙන්නේ
කරුමේ නේ මල්ලියේ
අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරූ පාරු වලයි රෑ එළිවෙන්නේ
කරුමේ නේ මල්ලියේ

ඈත ලග පාත දැල දාල බිලිබානවා
ඒව විකුණා මුදල් ගන්න අපි ගේනවා
ඈත ලග පාත දැල දාල බිලිබානවා
ඒවා විකුණා මුදල් ගන්න අපි ගේනවා

කන්නෙ මාළුයි බතුයි
ඉන්නෙ වෙරලේ පැලෙයි
අපි ලබා උපන් හැටී

ඔරූ පාරු වලයි රෑ එළිවෙන්නේ
කරුමේ නේ මල්ලියේ
අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරූ පාරු වලයි රෑ එළිවෙන්නේ
කරුමේ නේ මල්ලියේ
අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ

Ape අපෙ Jeewitha jiwitha jeevitha jivitha Me Maha Sagare – H R  Jothipla & Milton Perera

More from aveterone

Enable Notifications OK No thanks