Kohe Sita Oba Paminiyedo

කොහේ සිට ඔබ පැමිණියේදෝ

lyrics

කොහේ සිට ඔබ පැමිණියේදෝ
සිහිනයේ රැදුන ඒ අප්සරා
මගේ ඉරබටු තාරකා
ඔබට ගැයෙනා නැවුම් කුළුදුල් ප්‍රේම ගීයයි මේ
කොහේ සිට ඔබ පැමිණියේදෝ

දෙනෝදාහක් අවට සිටියද
තනිවෙලා වේදනා වින්දෙමි මම්
නුවන් දහසක් අවට දුටුවද
දෙනෙත නලවන නෙතක් නුදුටෙමි මම්
කොහේ සිට ඔබ පැමිණියේ දෝ

පාලු ගනදුරු රුදුරු රෑ මැද
නෙත වසා ආදරේ පැතුවෙමි මම්
මගේ සුසුමන් දැනෙන තරමට
ඔබට ලං වී කෙදින හිදිමිද මම්

කොහේ සිට ඔබ පැමිණියේදෝ
සිහිනයේ රැදුන ඒ අප්සරා
මගේ ඉරබටු තාරකා
ඔබට ගැයෙනා නැවුම් කුළුදුල් ප්‍රේම ගීයයි මේ
කොහේ සිට ඔබ පැමිණියේදෝ

Kohe Sita Oba Paminiya doo paminiyedo – Victor Rathnayaka viktar

More from aveterone

Enable Notifications OK No thanks