Me Raaga Thala

මේ රාග තාල

Lyrics of Me Raaga Thala

සරිගරිසරිසධ සධපගපග රිගරිගපග ගරිස

මේ රාග තාල
මේ රාග තාල අපි ගයන්නෙ
ඉගෙන ගෙනයි ළමයෝ
මේ අපිත් එක්ක එකතු වෙලා
ගයමු ගීත ළමයෝ
සරිගරිසරිසධ සධපගපග රිගරිගපග ගරිස

මේ රාග තාල අපිත් දන්නවා
ඒ දන්නා ටික හොදට කියනවා

එතෙර ගීත මෙතෙර ගීත
රාගධාරි සංගීතය
ටික ටික අපි ඉගෙන ගන්නවා
එතෙර ගීත මෙතෙර ගීත
රාගධාරි සංගීතය
ටික ටික අපි ඉගෙන ගන්නවා

සහතික පිටපත්
ලොකු නාමාවලි
සහතික පිටපත් නාමාවලි
ඒවායින් අපිට වැඩක් නෑ

මේ රාග තාල
මේ රාග තාල අපි ගයන්නෙ
ඉගෙන ගෙනයි ළමයෝ
මේ අපිත් එක්ක එකතු වෙලා
ගයමු ගීත ළමයෝ
සරිගරිසරිසධ සධපගපග රිගරිගපග ගරිස

ඔය රාග තාල අපිත් දන්නවා
ඒ දන්නා ටික හොදට කියනවා

හිතා මතා කතා ගොතා
බොරු කේලම් කියෙව්වාට
බේද බින්න කරන්නන බැහැනේ
හිතා මතා කතා ගොතා
බොරු කේලම් කියෙව්වාට
බේද බින්න කරන්නන බැහැනේ
ඔය රැවුම් ගෙරුම්
අපිට හොදට හුරුයි
ඔය රැවුම් ගෙරුම් හොදට හුරුයි
බියගුළු කම හෙලා දකිනවා

මේ රාග තාල
මේ රාග තාල අපි ගයන්නෙ
ඉගෙන ගෙනයි ළමයෝ
මේ අපිත් එක්ක එකතු වෙලා
ගයමු ගීත ළමයෝ
සරිගරිසරිසධ සධපගපග රිගරිගපග ගරිස

ඔය රාග තාල අපිත් දන්නවා
ඒ දන්නා ටික හොදට කියනවා
ඔය රාග තාල අපිත් දන්නවා
ඒ දන්නා ටික හොදට කියනවා

Me Raga Thala – Sangeeth Wijesooriya sanjith sangeth sangith wijesuriya

More from aveterone

Enable Notifications OK No thanks