Obe Dethol Pethi Sasara Sari Sarana Thek

ඔබේ දෙතොල් පෙති

Lyrics of Obe Dethol Pethi

ඔබේ දෙතොල් පෙති ලිහී
පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයි
රැළි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි
තුන් සිතම සලිත වී
සසර සැරි සරණ තෙක්
ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර
රාත්රිිය එළඹිලා
තරු කඩා වැටෙන විට
අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බැ
ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක්
ඔබ මගේ ඔබ මගේ

නා ගසක් දළු දමා
වසන්තය එළඹිලා
මද පවන් රැල් වැදී
සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බැ
දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරණ තෙක්
ඔබ මගේ ඔබ මගේ

යුග ගණන් පැමිණි මඟ
පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය
ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ
පෙර ඇසුර ඇඟෙනවා
සසර සැරි සරණ තෙක්
ඔබ මගේ ඔබ මගේ

අහස් තල පොළෝ තල
ඔබට මට පොදුවෙලා
හදවතින් එක් වුවත්
ගතින් දෙදෙනෙකු‍ වෙලා
මට බලා ඉන්න බැ
සියොලඟම දැවෙනවා
සසර සැරි සරණ තෙක්
ඔබ මගේ ඔබ මගේ

Obe ඔබෙ dethol pethi – Victor Rathnayaka

More from aveterone