Pahasara Arunaka

පැහැසර අරුණක

පැහැසර අරුණක
ඉර මල පිපුණාවේ
යුගඳුරු යුද දුම
සැණෙකින් නිවුණාවේ
හිමිදිරියේ සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ

සිත සිර කොට බැඳි දඬු වැට බිඳුණාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ
සිත සිර කොට බැඳි දඬු වැට බිඳුණාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ

පැහැසර අරුණක

ලියවැල් ඇහැරී යළි මල් පිපුණාවේ
දෑලම යා කළ ඉඳු සැව් ඇදුණාවේ
ලියවැල් ඇහැරී යළි මල් පිපුණාවේ
දෑලම යා කළ ඉඳු සැව් ඇදුණාවේ

පැහැසර අරුණක

Pahasara Arunaka aranaka – Asanka Priyamantha Peiris peris

More from aveterone

Enable Notifications OK No thanks