llagaththa Shirt ekak

ඉල්ල ගත්ත shirt එකක්

Lyrics

ඉල්ල ගත්ත shirt එකක්
හිල්වෙච්ච බාටා දෙකක්
තිබුනා මතකයි
පිහල අඳින ඩෙනිම් දෙකක්
ඩබල් සීරො පෝන් එකක්
තිබුනා මතකයි
මගෙ ජීවිතේ

අද ටයි එක දාගෙන බෙල්ලට හිරවෙලා
අපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා
අද ටයි එක දාගෙන බෙල්ලට හිරවෙලා
අපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා
අපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා

සැරට වැදුන බූට් එකක්
බොක්කෙන් ලව් කරපු එකක්
ඩබල් දාපු ලෙක්චර් එකක්
මතකයි
හවසට හිස් පර්ස් එකක්
මුඩිය නැති එම්ටි ගොඩක්
ගජේ ගහපු මකුනො ඇඳක්
මතකයි

එදා කෝටා නැතුව අපි ෆුල් චාටර් වුනා
අපෙ මූණ බලන්නට බල්ලෙක් නැතිවුනා
ඒ මොනරගෙ ලොකුකම සැරටම විඳවිඳා
සැර කට්ටක් කාගෙන අපි කැම්පස් ගියා
සැර කට්ටක් කාගෙන අපි කැම්පස් ගියා

අද ටයි එක දාගෙන බෙල්ලට හිරවෙලා
අපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා
අද ටයි එක දාගෙන බෙල්ලට හිරවෙලා
අපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා
අපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා

Illa gaththa gatta Shrit Ekak – Sanjeew Lonliyes

More from aveterone

Enable Notifications OK No thanks