Maga Thotadi Hamuwila
&

මඟ තොටදී හමු වීලා

Lyrics

මඟ තොටදී හමු වීලා හිනැහෙනවා
කුමාරිකාවට මාගෙත් සිත යනවා
කවදා හෝ ඇය මගෙ මෙහෙසිය වෙනවා
එපා කියන්නට ඒවා වරදිනවා
ඒවා වරදිනවා ඒවා වරදිනවා
ඒවා වරදිනවා ඒවා වරදිනවා
විශ්වාසයි නෑ මට වරදින්නේ
ඇගෙ ආදරේ මම දන්නේ

ඔබ දන්නේ නෑ මාගේ මිතුරාණෙනි
රැවටෙන්නේ ඔබ ඇයි මෙසේ
ඇගෙ රුවට ගැලපෙන්නේ මාගේ රුවයි
ඇගෙ සිතට ගැලපෙන්නේ මාගේ සිතයි
ඇය මාව පිළිගන්නවා

මඟ තොටදී හමු වීලා හිනැහෙනවා

මුතුවාගේ අකුරින් ලියු කල්පනා
කියවන්නේ බැඳෙනා හදින්
අපි දෙන්න එක වාගෙමයි යාළුවේ
ඇය කවුද අපි දන්නවා
ඇයගේ සිතුම් දන්නවා

මඟ තොටදී හමු වීලා හිනැහෙනවා

Maga Thotadee thotadi Hamu wela vila wila- Milton Mallawarachchi & Clarance Wijewardana

More from aveterone

Enable Notifications OK No thanks