Raa Tharakawo

රෑ තාරකාවෝ

Lyrics

රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුළින් පෙඟී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා

කඳුලැල් සලාලා නොහඬන් ළඳේ
මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ
ආශා විශාලයි ඉවසීම හීනයි
දෙදෙනා කෙනෙක් වී වෙළුනා ඉබේ

රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුළින් පෙඟී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා

හඳුණන්නෙදෝ ඔබ මාගේ සෙනේ
වැලපෙන්නේදෝ ඔබ ඊයේ වගේ
හදවත කොණේ මා කඳුලක් තියෙනවා
කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ

රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුළින් පෙඟී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා

Raa ra රැ tharakawo tharakavo re rea baluwa ebi – Clarance Wijewardhana wijewardana klaranse

More from RogueOne

Enable Notifications OK No thanks