Ran rasa wage galapenne

රන් රස වාගේ

Lyrics

රන් රස වාගේ ගැලපෙන්නේ
මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ
රන් රස වාගේ ගැලපෙන්නේ
මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ
මා හද විමනේ දැල්වෙන පහනේ
සැමදා වේවා ඔබ ආලෝකේ
රන් රස වාගේ ගැලපෙන්නේ
මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ

මා වෙහෙසීලා ගෙට එන විගසේ
ආදර බස් පවසන්නේ
මට සලකන්නේ රජෙකුට විලසේ
මගෙ දුක සැප විමසන්නේ
මා පණ විලසේ ඔබ රැකගන්නේ
නෑ කිසිදා දුක දෙන්නේ

රන් රස වාගේ ගැලපෙන්නේ

මල් සර දෝණී පිදුවද සෙනෙහේ
මා නැත ඒ පිළිගන්නේ
මා ප්‍රිය සොඳුරී දෙන මදහාසේ
ඒ ළඳ නෑ මට දෙන්නේ
මේ ලෙස සසරේ ඔබමය සොඳුරේ
මගෙ සහකාරිය වන්නේ

රන් රස වාගේ ගැලපෙන්නේ

Ran Rasa Wage vage – Saman De Silva

More from aveterone

Enable Notifications OK No thanks