Rana Hansa Yuwala

රණහංස යුවල

Lyrics of Rana Hansa Yuwala

රණ හංස යුවල නිමල නිල් ජලාශේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ
දකින සිහිනේ
රතු රෝස මලක් ළයට ළංවුණා
පෙමින් බැඳුනෝ
සිතින් දකිනා
ඒ සිහින මහද මියුරු කල්පනා
රන හංස යුවල නිමල නිල් ජලාශේ

ගල් ලෙන්හි සැඟවූ කුමාරී
මුදවන්න තුරඟුන් අරා
ආවා සෙ කුමරෙක් පුරාණේ
කුමරා මගේ එන්නෙදෝ
ඔහු ආදරෙයි
මා ආදරෙයි
මුළු ජීවිතේ

රණ හංස යුවල නිමල නිල් ජලාශේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ
දකින සිහිනේ
රතු රෝස මලක් ළයට ළංවුණා
පෙමින් බැඳුනෝ
සිතින් දකිනා
ඒ සිහින මහද මියුරු කල්පනා
රන හංස යුවල නිමල නිල් ජලාශේ

සංසාර සංසාරයේහී
උන්නාලු ඔහු මා ළඟින්
දොරගුල් දමා හැංගුවත් මා
සඟවන්න බෑ පෙම් හැඟුම්
අප ප්‍රේමයේ
සංග්‍රාමයෙන්
ජය ගන්නවා

රණ හංස යුවල නිමල නිල් ජලාශේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ
දකින සිහිනේ
රතු රෝස මලක් ළයට ළංවුණා
පෙමින් බැඳුනෝ
සිතින් දකිනා
ඒ සිහින මහද මියුරු කල්පනා
රන හංස යුවල නිමල නිල් ජලාශේ

rana hansa yuvala රන හංස රනහංස- Samitha Mudunkotuwa

More from aveterone