Raththaran Sandata Hithunata

රත්තරන් සඳට | Raththaran Sandata | Song & Lyrics

Lyrics of Raththaran Sandata

රත්තරන් සඳට හිතුනට
මං කඳුලින් කියලා
ඔබට දුකක් දැනෙන්නෙ නෑ
මට පව් කියලා
මම කවදාවත් රිදවන්නෑ
ගින්දර දීලා
ඔබ තනිවුනොතින් යන්නෑ
මම නම් පිටුපාලා

සේපාලිකා මල් පිපිලා
සුවඳ ගෙනෙනවා
සේපාලිකා සුවඳට ඔබෙ
සුවඳ දැනෙනවා
හිත අස්සෙ ගුලි කර උන්
දුක ඉහිරෙනවා
නොඳැනිම මගෙ නෙතු අස්සෙන්
කඳුලැලි එනවා

රත්තරන් සඳට හිතුනට
මං කඳුලින් කියලා
ඔබට දුකක් දැනෙන්නෙ නෑ
මට පව් කියලා
මම කවදාවත් රිදවන්නෑ
ගින්දර දීලා
ඔබ තනිවුනොතින් යන්නෑ
මම නම් පිටුපාලා

මල් දෙවැටේ මල් ඔච්චම්
කොහොම විඳින්නද
වෙන් වූවත් රෑ හීනෙන්
එන්නෙ කුමටද
පිදු සෙනෙහස තාම තියේ
ඔබටම කැපකොට
හිත රිදුනොත් මම සනසමි
එනු මැණ පෙරලෙසම

රත්තරන් සඳට හිතුනට
මං කඳුලින් කියලා
ඔබට දුකක් දැනෙන්නෙ නෑ
මට පව් කියලා
මම කවදාවත් රිදවන්නෑ
ගින්දර දීලා
ඔබ තනිවුනොතින් යන්නෑ
මම නම් පිටුපාලා

Raththaran Sadata සදට – Ajith Muthukumarana

More from aveterone