Sande Kalum Sinasi

සඳේ කැලුම් සිනාසී

Lyrics of Sande Kalum Sinasi

සදේ කැලුම් සිනාසී මේ රැ සීතලේ
තරුත් කථා කරාවි රහසේ ආදරේ
ආවා සොයාලා මා ගී ගයාලා
ඔබ සනසා මෙසේ මේ චාරිකාවේ

සදේ කැලුම් සිනාසී මේ රැ සීතලේ
තරුත් කථා කරාවි රහසේ ආදරේ

පාට පාට හීනයක් කියා සිතේ
වාසනාවේ ගීතයක් වගේ හැගේ
පාට පාට හීනයක් කියා සිතේ
වාසනාවේ ගීතයක් වගේ හැගේ

ආරාදනා ගෙනේ නෙත් මල් හීසරේ
මාගේ ලයේ ආදරේ ආශා මවා ජිවිතේ
රැදුනා බැදුනා මා ඔබේ

සදේ කැලුම් සිනාසී මේ රැ සීතලේ
තරුත් කථා කරාවි රහසේ ආදරේ

වේදනා වියෝග මා හදේ නොවේ
සාගරේ සමාන ආදරේ දැනේ
වේදනා වියෝග මා හදේ නොවේ
සාගරේ සමාන ආදරේ දැනේ

මා හින ලෝකයේ කුලුදුල් හීනයේ
පාවී තියේ ආදරේ ආශා මවා ජිවිතේ
රැදුනා බැදුනා මා ඔබේ

සදේ කැලුම් සිනාසී මේ රැ සීතලේ
තරුත් කථා කරාවි රහසේ ආදරේ
ආවා සොයාලා මා ගී ගයාලා
ඔබ සනසා මෙසේ මේ චාරිකාවේ

සදේ කැලුම් සිනාසී මේ රැ සීතලේ
තරුත් කථා කරාවි රහසේ ආදරේ

Sade සදේ Kelum කැළුම් Sinasi – Shashika Nisansala sashika

More from aveterone