Me Nagaraya

මේ නගරය

Lyrics

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
//

වැව් ඉවුරේ දිය රැළ පෙරසේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා
වැව් ඉවුරේ දිය රැළ පෙරසේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

මේ නගරය …

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජිවිතයම හීනයකැයි කියා හිතෙනවා

මේ නගරය …

Me nagaraya – Mervin Perera marvin merwin

More from aveterone

1 Comment

Your email address will not be published. Required fields are marked *

  1. මර්වින් පෙරේරාගේ අපූරු දුක් බර ගායනයෙන් සහ සංගීතයෙන් හැඩ වුන මේ ගීතය සිංහල ගීත ඉතිහාසයේ අමතක නොවෙන විශිෂ්ඨ නිර්මානයක්.ප්‍රවීන ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් රචනා කරන ලද මෙම ගීය සරසවි ප්‍රේමයක් විරහවකින් අවසන් වූ කතාන්දරයක් තමා මේ ගීතයේ මූලය.

    1. මේ නගරය මා ඔබ මුණගැසුන නගරයයි.
    2. මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි

    ආරම්භයේම කියන මේ නගරය තමා පේරාදෙනිය. මේ සිදුවීම පේරාදෙනිය සරසවිය ආස්‍රය කරගෙන සිදුවූ දුක්බර කතා ප්‍රවුත්තියක්. පේරාදෙනිය කියන්නේ සොබාව සෟන්දර්යයෙන් පිරිපුන් ලස්සන නගරයක්. ඉතින් පේරාදෙනිය නගරයේ තමා ඇයව මුනගැසුනේ. පේරාදෙනිය නගරයේ කිව්වට පේරාදෙනිය සරසවියෙදි තමා ඇයව මුනගැහෙන්නේ. ඒක ඔබට ඊලඟ පද පේලි කීපය රස විඳින විට තේරේවි.

    ඉතින් මේ පෙම්වතා කියනවා මේ නගරයෙ දි තමා ඔබව මුනගැසුනෙ, ඒ වුනාට මේ නගරය තමයි ඔබවයි මාවයි වෙන් කලේ. මෙතනදි පෙම්වතා වරද නගරයට පවරලා තියෙන්නේ ඇයි?. කෙසේද නගරයක් පෙම්වතුන් දෙදෙනෙක්ව වෙන් කරන්න සමත් වෙන්නේ.

    ඇයි මොහු වරද ඔහුටම හෝ ඇයට පවරන්නේ නැත්තේ. මේ ප්‍රශ්ණ වලට පිලිතුරු ඊලඟ පදපේලි කීපයේදී හමු වෙනවා. බොහොම අපූරු විදිහට තමා ඒක හමුවෙන්නෙ.මම ඔබට යෝජනා කරනවා පුලුවන්නම් විවරනය බලන්නේ නැතිව ඒ ප්‍රශ්ණ වලට පිලිතුරු
    සොයාගන්න උත්සාහ කරන්න කියලා.

    3. වැව් ඉවුරේ දිය රැල පෙර සේම බිඳෙනවා
    4. නුග ගස් පෙල අප නැතුවත් තව දලුලනවා
    5. සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා
    6. ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

    3 සහ 4 පද පේලි තුලින්, රචකයා රසිකයාගේ සිතේ පෙම්වතා පෙම්වතිය සමග ගතකරන ලද ජීවිතය පිළිබඳ පොඩි චිත්‍රයක් මවන්න උත්සාහ කරනවා. “ඔවුන් නුවර වැව් ඉවුරේ ඇවිද ගිය ආකාරය, නුග රුක් පේලි තුලින් දිව යන මාර්ග වල පිය මැනපු ආකාරය” රසිකයාගේ සිතේ බොහොම අපූරුවට මැවෙනවා.
    රචකයා ඒ සිදුවීම් වර්තමානයට ගලපන්න උත්සාහ කරනවා. ” පෙරදා වගේම අදත් වැව් ඉවුරේ දිය රල ඉපදී බිඳෙනවා, අප නැතිවුනාට නුග ගස් තවමත් දළුලනවා.” .

    මේ පද පේලි දෙකෙහි යම් ව්‍යංගයක් සැඟවිලා තියනවා. ” දිය රල ඉපදී බිඳෙන්නා වගේ ප්‍රේමය හටගෙන නැතිවෙලා යනවා, දිය රැලි බොහෝ තිබෙන්නා වගේ බොහෝ සබඳකම් හටගන්නවා. ඒවුනාට ඒ රැලි හටගෙන මොහොතින් බිඳී යන්නා සේ, ඒ සබඳකම් බිඳිලා යනවා.” රචකයා මෙහිදී කියන්න උත්සාහ
    කරන්නේ ඒක ලෝක සත්‍ය කියලා. නමුත් ඊලඟ පද පේලිය බලන්න. ” නුග ගස් පෙල අප නැතුවත් තව දලුලනවා” . දෙදෙනා වෙන් උවත් ප්‍රේමය නැමැති ඒ නුග ගස් තවම දළුලනවා. රචකයා මේ කියන්න උත්සාහ කරන්නේ ඔබ මෙතන නැතිවුනාට ඒ ආදරය තවම ඔහුගේ සිතේ වැඩෙනවා කියලා.

    5 වෙනි පද පෙලේ මම කලින් සඳහන් කළ ප්‍රශ්ණ වලට පිලිතුරැ සැඟවිලා තියනවා. පෙම අවසන්වීමට හේතුව බොහෝම විස්තර ඇතිව තේරුම්ගන්න. ඔබට අවශ්‍ය වෙන්නේ මේ පද පෙල සහ 2 වන පද පේලිය ( වරද නගරයට පැවරීම ).

    ” සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා ” මෙතන රසිකයාගේ සිතේ මැවෙන්නේ ඉහල සිට බලන කල කඳු වලල්කින් සීමාවෙලා එහා කොනේ මනරම්ව දිස්වෙන පේරාදෙනිය සරසවිය. මේ පෙම සාමාජීය වශයෙන් අසම්මත පෙමක්. බොහෝවිට ජාති හෝ ආගම් භේදයක්. තරුණිය දමිල, තරුණයා සිංහල. සරසවියේ ජාති ආගම් භේද නොසලකන මුත් සරසවිය නිමා වී සාමාන්‍ය සමාජයට යන ඔවුන්ට සමාජයේ තිබෙන කුල මල රැහැන් නිසා යලි එක්වීමට නොහැකියි.

    ඒ ජාති ආගම් භේදය ඇතිකරන මහා පවුර කඳුරැල්ලනම්, ඔහුට සරසවිය පේන්නේ ඒ කඳුරැල්ලෙන් එතෙර තිබෙන නිජ භූමියක් වගේ. ඔහු කියනවා.” ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා ” ඒ ජාති ආගම් කුල මල භේද නැති, සරසවියට ආපසු ඔබත් එක්ක යන්න හිතෙනවා. මෙතනදී සමාජයේ පිරිහීම කොතරම් ද යන්න විස්තර වෙනවා. ජාති ආගම් භේද නොමැති ලෝකයත් , ඇති ලෝකයත් අතර මහා පරතරය , සමාජයට පැමිණි ඔහුට දැන් හොඳින් වැටහෙනවා. අන්න ඒකයි ඔහුට ඇයත් එක්ක ආපහු සරසවියට යන්න හිතෙන්නේ. මෙතනදී දෙදෙනා වෙන් වූ හේතුව ඔබට බොහොම පැහැදිලි ඇති. අන්න ඒකයි මුලින් ඔහු දෙදෙනා වෙන් කල වරද කාටවත් පවරන්නේ නැතිව සමාජයට ( නගරයට ) පැවරුවේ.
    ගායකයාගේ ගායන විලාශය මේ පද පේලි දෙකේදී වෙනස් කරලා තේරුමට ගැලපෙන අයුරින් හඬ පහත් කර ගායනා කරන බව මේ ගීතය අසන ඔබට හොඳින් තේරේවි. රචකයා කෙලින්ම ජාති ආගම් ප්‍රශ්නයක් යනුවෙන් සඳහන් කර නොමැති නිසා මෙම පද පෙල වෙනත් ආකාර වලින් රසවිඳීමට වුවත් ඔබට හැකියි.

    7. ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    8. සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    9. ඒ කාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා
    10. ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

    7 සහ 8 පද පේලි 2න් සඳහන් වන ආකාරයට පෙම්වතා දැන් විවාහ වෙලා. ඔහු ඇය හා අතිනත ගෙන ගමන් කල මාර්ගයේ ( නුග ගස් දෙපස ඇති ) දැන් ඔහුගේ බිරිඳ සමඟ ගමන් කරනවා. ඔහුට පුතෙකුත් ඉන්නවා. සිඟිති පුතා ඔහුගේ ඇඟිල්ලක එල්ලීගෙන ඇවිදින්නේ. මේ පද පේලි 2න් රචකයා රසිකයාට දෙන්න හදන හැඟීම මට වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මේ අවස්ථාව හිතේ මවාගෙන ඔබම බලන්න. පුතාට ගොඩක් ආදරේ බව එය ගායනා කරන ආකාරයෙන් කියාපානවා.ඔහුට මතක් වෙනව ඇය සමඟ මේ මාර්ගයේ පියමං කල ආකාරය. ඔහුට මතක්වෙනවා ඒ කාලේ පැතූ දේවල්. ” ඒ කාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා” ඇය සමඟ, ඔවුන්ගේ දරුවත් සමඟ මේ වගේ ආදරණීය ජීවිතයක් ගත කරන්න සිහින දකින්න ඇති. ඒ වුනාට ඒ සියල්ල සිහිනයක් සේ බොඳ වෙලා ගිහිල්ලා.
    ” ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා ” ඔහුට සිතෙනවා ඇත්ත වගේ පෙනුනට ජීවිතයම හීනයක් වගේ කියලා.

    — H.M —

Enable Notifications OK No thanks