Sandun Gasaka Ethi

සඳුන් ගසක එති | Sandun Gasaka Ethi | Song & lyrics

Lyrics Of  Sandun Gasaka Ethi Saman Lathawaka 

සඳුන් ගසක එති සමන් ලතාවක
මල් පරවී යනවා
ඔබේ නමට පිදු මගෙ හදවත් මල
තවමත් පිබිදෙනවා
මගේ හද තවමත් බැබලෙනවා
ආදර නදියක පැද ගිය ඔරුවක්
කුණාටුවක වැදුණා
සමාජයේ කරදර හිරිහැර මැද
මිහිර පතුලෙ කිඳුණා
ඔබේ නම නොමැකෙන ලෙස ඇඳුණා

සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි
නියම දහම විලසේ
මිණි මුතු පැතු මට ලැබුණි ද ගල් කැට
නොලැබෙයි මා සිතු සේ
මමයි ඔබේ හිත ඔබ මාගේ ළඟ
කියා එදා කීවා
හිරුට පියුම ලෙස කුමුදට සඳ ලෙස
කියමින් රැවටෙව්වා
අනේ සුදු ඔබ මා රැවටෙව්වා

ආලය පිළිබඳ නොමැකෙන සටහන්
ඇත මගෙ සොඳුරු ළයේ
මා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැන
අටුවා මොටද ප‍්‍රියේ
නොලැබෙන දෙයකට හඬා පලක් නැත
මම මෙහි සැනසෙන්නම්
සුදු ඔබෙ නාමෙන් හොඳ නම රැකගෙන
මම හැම දා ඉන්නම්
මෙසේ මා ගී ගයමින් ඉන්නම්

සඳුන් ගසක එති සමන් ලතාවක
මල් පරවී යනවා
ඔබේ නමට පිදු මගෙ හදවත් මල
තවමත් පිබිදෙනවා
මගේ හද තවමත් බැබලෙනවා
ආදර නදියක පැද ගිය ඔරුවක්
කුණාටුවක වැදුණා
සමාජයේ කරදර හිරිහැර මැද
මිහිර පතුලෙ කිඳුණා
ඔබේ නම නොමැකෙන ලෙස ඇඳුණා

Sandun Gasaka Ethi Saman Lathawaka – Milton Perera

More from Aveterone