Senkadagala Nuwarata

සෙංකඩගල නුවරට

Lyrics

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම
ඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට

ඔබගේ තුරුලේ ගිලිහී පරවූ
මලකී සුළගේ පාවූ
අහසත් කලු වෙයි
අකුණුත් බොද වී
කදුලේ පැටලී තනිවී

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

අත්වැල් පටලාගෙන ඔය රුවලංකාර
තවමත් උන්නු ලෙසට ඉන්නවානේ තවම
වැව් දිය නිසල වෙලා
මගේ හදවත වගේම
දළදා සමිදු පිහිට විතරයි අද හිතට
අහසත් කලු වෙයි අකුණුත් බොද වී
කදුලේ පැටලී තනිවී

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

රොබරෝසියා වැටුනු අසුනක් ලග හවස
පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
ඉදහිට පහු වෙනකොට තවමත් වැව රවුම
ඇස්දෙක වසන්න උනේ එය පමණයි සසල

සෙංකඩගල නුවරට …

සෙන්කඩගල senkadagala nuwarata nuvarata – Dinesh Gamage

More from RogueOne

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks