Serandib Mal

සෙරන්ඩිබ් මල්

Lyrics

ඇබ්‍රෝඩ් වල පාරවල්වල සුද්දො අතරින් මාත් ඇවිදිනවා
දකින නොදකින සෙරන්ඩිබ් මල් ඩොලර් හුළගට ඔහේ ඉගිලෙනවා
ආලේ උණුහුම ඕනෙ කාලෙම හීත රිතුවක හාදු බොඳවෙනවා
ඒත් ඒ අවසාන හාදුව තාම හදවත අස්සෙ කකියනවා
තාම හදවත අස්සෙ කකියනවා

වාවගන්නට බැරිම තැන්වල කියාගන්නට බැරි කතන්දර සයනවල බන් ඔහේ ලියවෙනවා
හෙනම දිග මහ රෑක දවසක වලාකුළු උඩ දුක තවරගෙන සෙරන්ඩිබ් මල් ඔහේ පාවෙනවා
සෙරන්ඩිබ් මල් ඔහේ පාවෙනවා

බ්‍රෑන්ඩඩ්සළු කබා අස්සෙන් තදට නුපුරුදු වෙහෙස හංගනවා
අයිස්කඳු ගිණිකඳුත් එක්කලා පුංචි ලෝකල් ඩයල් හැප්පෙනවා
වීදී සරසන පහන්එළි යට දහස්ගාණක් කතා මිමිනෙනවා
ඈත ගම්වල තැලුනු හිත් පෙති ලෝකෙ කොහෙහරි ආයෙ නැඟිටිනවා
ලෝකෙ කොහෙහරි ආයෙ නැඟිටිනවා
ලෝකෙ කොහෙහරි ආයෙ නැඟිටිනවා
ලෝකෙ කොහෙහරි ආයෙ නැඟිටිනවා

Serandib mal Sanjeew Lonliyes serendib mala amu sinduwa sinduva සෙරන්ඩිබ් සෙරෙන්ඩිබ් මල් අමු සින්දුව

More from zeo

Enable Notifications OK No thanks